← Back to all songs
WORSHIP

අඳුරු බලකොටුවේ සිරවෙලා ඇති

Anduru Balakotuwe Sirawela Athi

නත්තල් · Christmas

අඳුරු බලකොටුවේ සිරවෙලා ඇති

ජීවිතේ සොයාලයි

අන්න දිලෙන අර තරුව පැමිණියේ

ඔබව රැගෙන යන්නයි //

අධිපතින් සිහසුන් වලින් හෙලා

බිළිඳා රජ කරවනා //

බෙත්ලෙහෙම් පුරේ උපන් කුමරු වෙත

ඔබව රැගෙන යන්නයි

ඔබව රැගෙන යන්නයි

පිනි බිංදු වැටෙනා රාත්‍රියේ

බිළිදෙකුගේ සිනහා හඬ රැව්දේ

කඳුලු පිරුනු ඔබ සැමගේ සිතට සුව

සහනය ගෙන දෙන්නයි

කඳුලු පිරුනු ඔබ සැමගේ සිතට සුව

සහනය ගෙන දෙන්නයි

පාපයෙන් මුදා සාමයේ මගේ

ඔබව රැගෙන යන්නයි

ඔබව රැගෙන යන්නයි

~ Singlish Lyrics ~

anduru balakotuwe sirawela aethi

jeewithe soyalayi

anna dilena ara tharuwa paeminiye

obawa raegena yannayi //

adipathin sihasun walin hela

bilinda raja karawana //

bethlehem pure upan kumaru wetha

obawa raegena yannayi

obawa raegena yannayi

pini bingadu waetena rath‍riye

bilidekuge sinaha handa raewde

kandulu pirunu oba saemage sithata suwa

sahanaya gena dennayi

kandulu pirunu oba saemage sithata suwa

sahanaya gena dennayi

papayen muda samaye mage

obawa raegena yannayi

obawa raegena yannayi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →