← Back to all songs
WORSHIP

කස පහරින් තැළුනේ

Kasa Paharin Thalune

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කස පහරින් තැළුනේ

ඔබගේ ගත සමිදුනී

ඒ නිසයි මට ඇත්තේ

අද සුවය සමාදානේ

උන්නේ කුරුසියේ වේදනාවන් මා නිසා

පුද දුන්නේ ජීවිතේ මාගේ පව් උදෙසා

ඇණ පහරින් ගත සිදුරු වෙලා

හෙලුවේ නිර්මල රුධිරයයි

ඒ ලෙය තුල ඇති බලය නිසා මා

ජය ගත්තේ ඒ ජීවිතයයි

ණය කරුවෙකි මා පිදු ඔබ දිවියට

මිලයක් ගෙවුමට කිසිත් නැතී

පිළිගන් මාගේ තැලුණු බිදුණු හද

එය මට දිය හැකි එකම දෙයයි

කටු ඔටුනින් වූ සිරස සැරසු දා

ඉසුලුවේ මගෙ දුක් ගින්දරයි

කුරුසිය උරමත තබා දැරුවේ

ඔබ මගේ දිවියේ පව් බරයි

සැමට වඩා මා හැගි ප්‍රේමය තුළ

ඔබ කුරුසියේ පිදු යාගයයි

එ තුලින් මා නිබදවම දකින්නේ

ඔබේ අති උත්තම ප්‍රේමයයි

පිළිගන් මාගේ තැළුණු බිඳුණු හද

එය මට දිය හැකි එකම දෙයයි

~ Artist: ගෞ.ශ්‍යාමි ෆොන්සේකා ~

~ Singlish Lyrics ~

kasa paharin thaelune

obage gatha samidunee

e nisayi mata aeththe

ada suwaya samadane

unne kurusiye wedanawan ma nisa

puda dunne jeewithe mage paw udesa

aena paharin gatha siduru wela

heluwe nirmala rudirayayi

e leya thula aethi balaya nisa ma

jaya gaththe e jeewithayayi

naya karuweki ma pidu oba diwiyata

milayak gewumata kisith naethee

piligan mage thaelunu bidunu hada

eya mata diya haeki ekama deyayi

katu otunin woo sirasa saerasu da

isuluwe mage duk gindarayi

kurusiya uramatha thaba daeruwe

oba mage diwiye paw barayi

saemata wada ma haegi p‍remaya thula

oba kurusiye pidu yagayayi

e thulin ma nibadawama dakinne

obe athi uththama p‍remayayi

piligan mage thaelunu bindunu hada

eya mata diya haeki ekama deyayi

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →