← Back to all songs
HYMN

මගේ දෑතේ සවියෙන් නොවේ මගෙ නුවණේ බලයෙන් නොවේ

Magea Dhaathea Saviyen Novea Mage Nuvanea Balayen Novea

ශුද්ධාත්මයාණන් · Holy Spirit

මගේ දෑතේ සවියෙන් නොවේ

මගෙ නුවණේ බලයෙන් නොවේ .. //

දෙවිඳුගේ ආත්මයයි මා රැගෙනයන්නේ .. //

සමිදුන් ඉදිරියේ පහනොවනා කිසිවක් නැතේ

කඳු පර්වත දියවී - යාවී සැම ‍වේලේ

බලය නොවේ මගෙ ආත්මයයි

සේනාවල දෙවිදුන් කියයි

සවිය නොවේ මගෙ ආත්මයයි

සේනාවල රජිඳුන් කියයි

මගේ දෑතේ සවියෙන්…

දෙව් වදනයි ඔබගේ ආලෝකය වුයේ

මාළිගයයි ඔබගේ - මා දෑතේ නිමවන්නේ

බලය නොවේ මගෙ ආත්මයයි

සේනාවල දෙවිදුන් කියයි

සවිය නොවේ මගෙ ආත්මයයි

සේනාවල රජිඳුන් කියයි

මගේ දෑතේ සවියෙන්…

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →