← Back to all songs
WORSHIP

අපේ දෑතින් සාදන්නට

Ape Daathin Sadannata

ස්තූති ගීතිකා · Praise

අපේ දෑතින් සාදන්නට

එතුමා මැටි රූපයක් නොවේ

එකතැන වාඩි වෙලා ඉන්න

එතුමා ගල් පිළිමයක් නොවේ

මා උසුලාගෙන යන්න

එතුමා මළකඳක් නොවේ

මා තුළ සිටින මට මඟ පෙන්වන

ජීවමාන දෙවිඳුන් ඔබවේ

ජීවමාන ඳෙවිඳුන් ඔබ වේ

අප තුළ ජීවත්වන රජිඳුන් ඔබ වේ //

විපත්ති කාළයේදි හඬ ගසනා වේලයේදි

පිහිටවූ දෙවිඳු ඔබයි //

තනිවෙන්න දුන්නෙ නෑ මාව දාලා ගියෙත් නෑ

මා සමඟ සැමදා සිටියා

තනිවෙන්න දුන්නෙ නෑ මාව දාලා ගියෙත් නෑ

මා සමඟ සැමදා සිටියා

වචනයෙන් පමණක් නොවේ

එතුමා ක්‍රියාවෙනුත් හාස්කම් කරයි //

මම බයවෙන්නෙ නෑ මම කැළබෙන්නේ නෑ

යේසුස් මා සමඟයි //

සටන එතුමාගේ ජය පමණක් මාගේ

ප්‍රීතියෙන් ඉදිරියට යමී

සටන එතුමාගේ ජය පමණක් මාගේ

ප්‍රීතියෙන් ඉදිරියට යමී

~ Artist: ගෞ. R.J. මෝසෙස් ~

~ Singlish Lyrics ~

ape daethin sadannata

ethuma maeti roopayak nowe

ekathaena wadi wela inna

ethuma gal pilimayak nowe

ma usulagena yanna

ethuma malakandak nowe

ma thula sitina mata manga penwana

jeewamana dewindun obawe

jeewamana ndewindun oba we

apa thula jeewathwana rajindun oba we //

wipaththi kalayedi handa gasana welayedi

pihitawoo dewindu obayi //

thaniwenna dunne nae mawa dala giyeth nae

ma samanga saemada sitiya

thaniwenna dunne nae mawa dala giyeth nae

ma samanga saemada sitiya

wachanayen pamanak nowe

ethuma k‍riyawenuth haskam karayi //

mama bayawenne nae mama kaelabenne nae

yesus ma samangayi //

satana ethumage jaya pamanak mage

p‍reethiyen idiriyata yamee

satana ethumage jaya pamanak mage

p‍reethiyen idiriyata yamee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →