← Back to all songs
WORSHIP

මට දුන්නු දෙයින් නැවත ඔබට පුදන්නම්

Mata Dunnu Deyin Nawatha Obata Pudannam

වෙනත් ගීතිකා · Other

මට දුන්නු දෙයින් නැවත ඔබට පුදන්නම්

ඔබේ කොටස ඔබේ අයිතිය ඔබටම දෙන්නම්

ප්‍රථම ඵලෙන් අස්වැන්නෙන් කරනා පුජා

සතුටු සිතින් ගෞරවයෙන් ඔබටම පුදන්නම්

දීමෙන් සෝදිසි කරන්න කීව දෙවිදුනි

ඔබට අයිති දෙයට මා අතනොගසන්නේ

මා සතු දේ ජීවිතයත් දුන්නත් මදිනේ

අප වෙනුවෙන් මොනවද ඔබ නොදී සිටින්නේ

මගෙ අටු කොටු ඔබටම දෙන විටම පිරෙන්නේ

ශාපය නැති කර ආශිර්වාද කරන්නේ

අහසේ කවුලු හැර යස ඉසුරු වගුරන්නේ

බාරගන්න ස්තුති පූජා මගේ සමිදුනේ

~ Artist: ගෞ. රත්නපාල ~

~ Singlish Lyrics ~

mata dunnu deyin naewatha obata pudannam

obe kotasa obe ayithiya obatama dennam

p‍rathama palen aswaennen karana puja

sathutu sithin gaurawayen obatama pudannam

deemen sodisi karanna keewa dewiduni

obata ayithi deyata ma athanogasanne

ma sathu de jeewithayath dunnath madine

apa wenuwen monawada oba nodee sitinne

mage atu kotu obatama dena witama pirenne

shapaya naethi kara aashirwada karanne

ahase kawulu haera yasa isuru waguranne

baraganna sthuthi pooja mage samidune

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →