← Back to all songs
WORSHIP

අසව් දූත ගී නද රජුට උපන් අද

Asavu Duutha Gee Nada

නත්තල් · Christmas

අසව් දූත ගී නද රජුට උපන් අද

පොළොවේ සමාදානෙත් සතට වේ දයාවත්

සෑම ජාතින් නැගිටිව් දූතයන් හා ගී කියව්

බෙත්ලෙහෙම් පුරවරේ ක්‍රිස්තුස් උපන් මේ වරේ

අසව් දූත ගී නද රජුට උපන් අද

උසස් තැන්හි වැඳුම් ලත් සදාකල් හිමි තෙදැත්

ක්‍රිස්තුස් තුම එයි බලව් කන්‍යා ලද පුත් මෙලොව්

වසා දේය ලීලාව සැබැවින් මිනිසෙක්ව

මිනිසුන් හා වසන්ට එම්මානුවෙල් වී තුට

අසව් දූත ගී නද රජුට උපන් අද

සමාදානේ කුමරු දමිටුකමේ හිරු

සියල්ලන්ට මිදීමත් ගෙනා සේක එළියත්

තේජස හැර දමා මිනිසුන්ට වී පෙමා

සදාකාල ජීවනේ දෙන්ට ලොව උපන්නේ

අසව් දූත ගී නද රජුට උපන් අද

~ Singlish Lyrics ~

asaw dootha gee nada rajuta upan ada

polowe samadaneth sathata we dayawath

saema jathin naegitiw doothayan ha gee kiyaw

bethlehem puraware k‍risthus upan me ware

asaw dootha gee nada rajuta upan ada

usas thaenhi waendum lath sadakal himi thedaeth

k‍risthus thuma eyi balaw kan‍ya lada puth melow

wasa deya leelawa saebaewin minisekwa

minisun ha wasanta emmanuwel wee thuta

asaw dootha gee nada rajuta upan ada

samadane kumaru damitukame hiru

siyallanta mideemath gena seka eliyath

thejasa haera dama minisunta wee pema

sadakala jeewane denta lowa upanne

asaw dootha gee nada rajuta upan ada

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →