← Back to all songs
WORSHIP

සාමයෙ කුමරුන් ලොවට

Samaye Kumarun

නත්තල් · Christmas

සාමයෙ කුමරුන් ලොවට උපන්දා

ප්‍රීති ප්රශංසා හඬ නැගුනා

අහස්තළේ සුර දේව දූතයන්

දෙවිඳුට මහිමය දුන්නා //

බෙත්හෙම්පුරේ සීතළ හිම කඳු අතරේ

ගවමඩුවක ගව ඔරුවක බිළිඳු උපන්නේ

පුන් සඳ සේ අහස්තළේ තරුව දිළෙන්නේ

ඒ තරුවේ ඉඟිය සොයා නිරිදුන් එන්නේ

නිසළ ඒ රැයේ සුදු හිම අතු මත බබළන්නේ

පුත් රුවනක් ගව ඔරුවේ සුවෙන් නිදන්නේ

සුර දුටු කැළ අහස්තළේ ගීත ගයන්නේ

බිළිඳු කුමරු ඉපදුනු සුපුවත පවසන්නේ

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

samaye kumarun lowata upanda

p‍reethi prashangasa handa naeguna

ahasthale sura dewa doothayan

dewinduta mahimaya dunna //

bethhempure seethala hima kandu athare

gawamaduwaka gawa oruwaka bilindu upanne

pun sanda se ahasthale tharuwa dilenne

e tharuwe ingiya soya niridun enne

nisala e raeye sudu hima athu matha babalanne

puth ruwanak gawa oruwe suwen nidanne

sura dutu kaela ahasthale geetha gayanne

bilindu kumaru ipadunu supuwatha pawasanne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →