← Back to all songs
WORSHIP

දෙරණත මැද ලෝහිත

Deranatha Mada Lohitha

නමස්කාරය · Worship

දෙරණත මැද ලෝහිත වැගිරූ

යේසු සමිඳු ඔබමයි සරණේ //

කවුරුද මා මුදනා සමතා

වෙලී සිටිමි පවුබැමි රැහැනේ

යහපත කරනට සිත පුබුදම්

අසමත් වේ මා අසමත් වේ

සංකා සෝ දුක් දිය දහරා

උතුරා යයි සිත දෙගොඩ තලා

සුව සහනය සැනසුම පතනෙම්

නොදිටිමි කිසිදා නොලැබිමි මා

අරුණලු පිබිදෙන කුරුසේ වෙතා

දිව එම් ලබනට සඟ සැපතා

විහිදෙයි කරුණා පෙම් දහරා

යේසුස් නාමෙන් ජය ලබනෙම්

~ Artist: ගෞ. රවීන්ද්‍ර ජයලත් ~

~ Singlish Lyrics ~

deranatha maeda lohitha waegiroo

yesu samindu obamayi sarane //

kawuruda ma mudana samatha

welee sitimi pawubaemi raehaene

yahapatha karanata sitha pubudam

asamath we ma asamath we

sangaka so duk diya dahara

uthura yayi sitha degoda thala

suwa sahanaya saenasuma pathanem

noditimi kisida nolaebimi ma

arunalu pibidena kuruse wetha

diwa em labanata sanga saepatha

wihideyi karuna pem dahara

yesus namen jaya labanem

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →