← Back to all songs
HYMN

මගෙ උපකාරය මගෙ දිවි සරණය ශුද්ධාත්මයාණෙනි

Mage Upakaaraya Mage Dhivi Saranaya Shudhdhaathmayaaneni

ශුද්ධාත්මයාණන් · Holy Spirit

මගෙ උපකාරය මගෙ දිවි සරණය

ශුද්ධාත්මයාණෙනි

මා වෙත වඩිනු මැනේ

මා තුළ රැඳෙනු මැනේ //

දුබලකමින් මා මුදවාලා

ඔබෙ බලයෙන් මා පුරවාලා //

ශුද්ධාත්මයාණෙනි // මා වෙත වඩිනු මැනේ

ශුද්ධාත්මයාණෙනි // මා තුළ රැඳෙනු මැනේ

බිදුනු හද මගේ සනසාලා

තැළුනු හද මගේ සුව කරලා //

ශුද්ධාත්මයාණෙනි // මා වෙත වඩිනු මැනේ

ශුද්ධාත්මයාණෙනි // මා තුළ රැඳෙනු මැනේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →