← Back to all songs
WORSHIP

මා සිතනා විලසින් සිතන්න

Maa Sithana Vilasin Sithanna

වෙනත් ගීතිකා · Other

මා සිතනා විලසින් සිතන්න

මා බලනා අයුරින් බලන්න //

මා කියනා ලෙසටම කරන්න

කෙනෙකු සම්බ වුණා

දාවිත් මුණ ගැණ ගැසුනා

මාලිගයයි නිම කරනට සිත තැබුවේ

දෙවිදු අණයි ඉටු කරනට වෙර දැරුවේ //

තැවෙන හදින් හිමි පාමුල වැද වැටුණේ

පැසසුමටයි හදවත විවර කලේ

මිලයක් නැති පුජාවක් නැත පිදුවේ

පිරුණු හදින් දෙවිදුන් ඔහු සතුටු කලේ //

එවන් සිතක් අපටද දෙනු මැන සමිදේ

නිම කරනට මෙහෙවර මිහිතලයේ

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

ma sithana wilasin sithanna

ma balana ayurin balanna //

ma kiyana lesatama karanna

keneku samba wuna

dawith muna gaena gaesuna

maligayayi nima karanata sitha thaebuwe

dewidu anayi itu karanata wera daeruwe //

thaewena hadin himi pamula waeda waetune

paesasumatayi hadawatha wiwara kale

milayak naethi pujawak naetha piduwe

pirunu hadin dewidun ohu sathutu kale //

ewan sithak apatada denu maena samide

nima karanata mehewara mihithalaye

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →