← Back to all songs
WORSHIP

සිහිවී යේසුගෙ ගුණ දහසක්

Sihivee Yesuge Guna Dahasak

ස්තූති ගීතිකා · Praise

සිහිවී යේසුගෙ ගුණ දහසක්

පුදන්න හද මල් පූජාවක්

ගොතමින් ලස්සන ගී පද වැල්

අත්පොළසන් දී ගයමු තුටින්

හාලේලූයා හාලේලූයා

හාලේලූයා පැසසුම් වෙි

හාලේලූයා හාලේලූයා

හාලේලූයා පැසසුම් වෙි

බිය සැක සංකා හද තුළ නැත්තේ

සමිඳු වදන් මට සවිය දෙවන්නේ

සාමය සැනසුම් හදේ මැවේ

ශුධතුම් ගිනි මා හද ඇවිලේ

සතුටු සිනාවන් හදේ මැවේ

කිතු රැව් පිළි රැවි දසත නැඟේ

කිළිටි බවක් නෑ හදේ රැඳෙන්නේ

පිවිතුරු වදනින් හිමි පසසන්න

වෛරය කෝපය නැතේ හදේ

දෙවි පෙම් වැගිරෙන්නේ

අඳුරු බවට නෑ ඉඩ ඇත්තේ

කිතුතුම් එහි ඉන්නේ

~ Artist: ගෞ. රොයිස්ටන් ඩි වෙසර් ~

~ Singlish Lyrics ~

sihiwee yesuge guna dahasak

pudanna hada mal poojawak

gothamin lassana gee pada wael

athpolasan dee gayamu thutin

halelooya halelooya

halelooya paesasum weි

halelooya halelooya

halelooya paesasum weි

biya saeka sangaka hada thula naeththe

samindu wadan mata sawiya dewanne

samaya saenasum hade maewe

shudathum gini ma hada aewile

sathutu sinawan hade maewe

kithu raew pili raewi dasatha naenge

kiliti bawak nae hade raendenne

piwithuru wadanin himi pasasanna

wairaya kopaya naethe hade

dewi pem waegirenne

anduru bawata nae ida aeththe

kithuthum ehi inne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →