← Back to all songs
WORSHIP

ආදර මගෙ ජේසුනී

Adara Mage Jesuni

පසුතැවීම · Repentance

ආ...දර මගෙ ජේසුනී

කලකින් ඔබ අමතමී

කොහොමද ඔබගේ තතූ

සමිඳේ

සිතු සිතු දේ මම කළා

ඔබෙ දහමේ ගුණ නසා

අද ඔබ ළඟ වැඳ වැටී හඬමී

මා හසුවී මාරුතේ මඟ වැරදී මාවතේ

මේ ලියමන ලියමි මා සමිඳේ

මහ කරුණා සාගරේ ඔබ පමණයි ආදරේ

සැනසුම මට දෙන්නකෝ සමිඳේ

ජේසුනි මම ආදරෙයි

ඔබෙ පෙම ඊටත් වැඩියි

සැමදා මම ණය ගැතියි ඔබට

ඔබ දුන් හැම දේටමත්

මට දුන් නැති දේ හටත්

තුති පුදනෙමි ආදරෙන් සමිඳේ

ආ...දර මගෙ ජේසුනී

හමුවෙමු යළි මතු දිනේ

දින දින වැජඹේ ලොවේ සමිඳේ

සිතු සිතු දේ මම කළා

ඔබ අනුකම්පා කළා

මම ඔබ ළඟ වැඳ වැටී හඬමී

~ Artist: රූකාන්ත ගුණතිළක ~

~ Singlish Lyrics ~

aa...dara mage jesunee

kalakin oba amathamee

kohomada obage thathoo

saminde

sithu sithu de mama kala

obe dahame guna nasa

ada oba langa waenda waetee handamee

ma hasuwee maruthe manga waeradee mawathe

me liyamana liyami ma saminde

maha karuna sagare oba pamanayi aadare

saenasuma mata dennako saminde

jesuni mama aadareyi

obe pema eetath waediyi

saemada mama naya gaethiyi obata

oba dun haema detamath

mata dun naethi de hatath

thuthi pudanemi aadaren saminde

aa...dara mage jesunee

hamuwemu yali mathu dine

dina dina waejambe lowe saminde

sithu sithu de mama kala

oba anukampa kala

mama oba langa waenda waetee handamee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →