← Back to all songs
WORSHIP

ගවහලේ පිදුරු මිටිය

Gavahale Piduru Mitiya

නත්තල් · Christmas

ගවහලේ පිදුරු මිටිය මට

වෙන්නට තිබුනානම්

ගවහලේ වසු පැටවෙකු මට

වෙන්නට තිබුනානම්

මා කෙතරම් වාසනාවන්තද

මා කෙතරම් සන්තෝසද

අප රටේ නත්තල් දා

සාමය තිබුනානම් //

පටපිළි දවටා විලවුම් ඇගලා

යනවා අපි පල්ලි

රතිඥ්යා පුපුරා රුපියල් වනසා

මත් වී සතුටු වෙවී

ගිනිගෙන දැවෙනා වැලි කතරේ

නත්තල තනි වීලා

තල් අතු මැදුරේ හෙන හඬේ

නත්තල නැවතීලා

පොඩ්ඩක් හිතන්න සුමිතුර

අපේ රටේ උතුර

ගවහලේ තරු කිරණක් මට

වෙන්නට තිබුනානම්

ගවහලේ පිදුරු මිටිය මට

වෙන්නට තිබුනානම්

ආසියාවේ ඉපදුන ජේසුනි

අපේ රටට එන්න

සැවොම බලාගෙන ඉන්නේ සමිදුනි

ඔබ එනතුරු ලොවට

කුසගිනි නැගෙනා පැල්පතේ

නත්තල තනි වීලා

යුධ ගිනි නැගෙනා නගරයේ

නත්තල නැවතීලා

පොඩ්ඩක් හිතන්න සුමිතුර

අපේ රටේ උතුර

ගවහලේ තරු කිරණක් මට

වෙන්නට තිබුනානම්

ගවහලේ පිදුරු මිටිය මට

වෙන්නට තිබුනානම්

මා කෙතරම් වාසනාවන්තද

මා කෙතරම් සන්තෝසද

අපි කෙතරම් වාසනාවන්තද

අපි කෙතරම් සන්තෝසද

~ Artist: රූකාන්ත ගුණතිළක ~

~ Singlish Lyrics ~

gawahale piduru mitiya mata

wennata thibunanam

gawahale wasu paetaweku mata

wennata thibunanam

ma ketharam wasanawanthada

ma ketharam santhosada

apa rate naththal da

samaya thibunanam //

patapili dawata wilawum aegala

yanawa api palli

rathignya pupura rupiyal wanasa

math wee sathutu wewee

ginigena daewena waeli kathare

naththala thani weela

thal athu maedure hena hande

naththala naewatheela

poddak hithanna sumithura

ape rate uthura

gawahale tharu kiranak mata

wennata thibunanam

gawahale piduru mitiya mata

wennata thibunanam

aasiyawe ipaduna jesuni

ape ratata enna

saewoma balagena inne samiduni

oba enathuru lowata

kusagini naegena paelpathe

naththala thani weela

yuda gini naegena nagaraye

naththala naewatheela

poddak hithanna sumithura

ape rate uthura

gawahale tharu kiranak mata

wennata thibunanam

gawahale piduru mitiya mata

wennata thibunanam

ma ketharam wasanawanthada

ma ketharam santhosada

api ketharam wasanawanthada

api ketharam santhosada

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →