ඔබ තුරුළට වී ඉන්නට ඇත්නම්
Oba Thurulata Wee Innata Athnum
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක වරුවක් හෝ දවසකදී
නිසසල මොහොතක හිමිදිරි උදයක
ඔබ සිරුරේ උණුසුමේ වෙලී
යේසුනි
මට ඔබ විශ්වාසයි
ඔබ මගේ ජීවිතයයි
හැමදාමත් එහෙමයි
ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
එක වරුවක් හෝ දවසකදී
ගිනිගත් සිතිවිලි නිවෙනා තුරු මා
ඔබ තුරුලේ ඉන්නම්
පවිටු මගේ සිත සේදී යන තුරු
ඔබ පා නමදින්නම්
තනිවෙන්නට කිසි දි..නෙක ඉඩ නොදී
ඔබ පසුපස එන්නම්
දෑතින් ඔබේ අත අල්ලාගෙන මා
ගීයක් මුමුනන්නම්
දුකින් පෙලෙන මිනිසුන් අහුරක් ගෙන
ඔබ පාමුල වැටෙමි
සැනසීමක් අයැදින්නට හිත හිත
මගෙ හදවත පුදමි
විශ්වාසයි මට විශ්වා....සයි
කිසි දින මා අත නොහරියි
ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට
මට දිරි ලැබෙනු ඇති
~ Artist: ගෞ . චාල්ස් තෝමස් ~
~ Singlish Lyrics ~
oba thurulata wee innata aethnam
eka waruwak ho dawasakadee
nisasala mohothaka himidiri udayaka
oba sirure unusume welee
yesuni
mata oba wishwasayi
oba mage jeewithayayi
haemadamath ehemayi
oba thurulata wee innata aethnam
eka waruwak ho dawasakadee
ginigath sithiwili niwena thuru ma
oba thurule innam
pawitu mage sitha sedee yana thuru
oba pa namadinnam
thaniwennata kisi di..neka ida nodee
oba pasupasa ennam
daethin obe atha allagena ma
geeyak mumunannam
dukin pelena minisun ahurak gena
oba pamula waetemi
saenaseemak ayaedinnata hitha hitha
mage hadawatha pudami
wishwasayi mata wishwa....sayi
kisi dina ma atha nohariyi
oba dun husmen jeewath wannata
mata diri laebenu aethi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →