← Back to all songs
WORSHIP

ඔබ තේජස් හා කිරුළක් හැර

Oba Thejas Ha Kirulak Hara

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ඔබ තේජස් හා කිරුළත් හැර

මෙහි ආ කල මා නිසා

නිවසේහි බෙත්ලෙහෙම් නුවර

නොලත් සේක ඉඩක් තොසා

යේසුස් මා සිතට වඩින්

ඔබට එහි ඉඩ ඇත්

යේසුස් මා සිතට වඩින් දැන්

ඔබට එහි ඉඩ ඇත්

සුර දූතයන් සගයේ සිට

ඔබට පැසසුම් දුන්නත්

දිළිඳෙක් සේම ඔබ ලොවට

වැඩිසේක වෙමින් දුක්පත්

හිවලුන්ට හා සියොතුන් හට

වනයේ ඉඩ ඇත් විය

එනමුත් යේසු හිමි ඔබට

ඉඩමක් මෙහි නැත් විය

ඔබ ජීවනේ බස රැගෙන

ලෝසත් මුදන්ට ආ කල්හි

කටු ඔටුන්නක් හිස ලමින

මැරුවෝය කුරුසේහි

ඔබ තේජසින් ජය ගන්නට

එන කල් සුරසෙන් ගීයෙන්

කැඳවා මාද ඉඩමක් මට

ඔබ ලඟින්ම සලසන්

~ Singlish Lyrics ~

oba thejas ha kirulath haera

mehi aa kala ma nisa

niwasehi bethlehem nuwara

nolath seka idak thosa

yesus ma sithata wadin

obata ehi ida aeth

yesus ma sithata wadin daen

obata ehi ida aeth

sura doothayan sagaye sita

obata paesasum dunnath

dilindek sema oba lowata

waediseka wemin dukpath

hiwalunta ha siyothun hata

wanaye ida aeth wiya

enamuth yesu himi obata

idamak mehi naeth wiya

oba jeewane basa raegena

losath mudanta aa kalhi

katu otunnak hisa lamina

maeruwoya kurusehi

oba thejasin jaya gannata

ena kal surasen geeyen

kaendawa mada idamak mata

oba langinma salasan

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →