නිසංසල ලොවේ
Nisansala Lowe
නිසංසල ලොවේ දෙවිඳු මුණ ගැසේ //
එහා මෙහා කඩිමුඩියේ දුවන ලොව තුළේ
මහඬ නගා වෙඩි අවුලා සටන් වැදි ලොවේ
දෙව්ඳු හමු නොවේ
දෙවි පියේ ඔබෙ ලොවේ ඇයිද චංචලේ
මිහිතලේ කලබලේ ඇයිද ඇතිකළේ
නිසලවන්න මා දෙවි බව
දැනගන්නය පැවසුවේ //
නිසංසල ලොවේ දෙවිඳු මුණ ගැසේ //
එදා මහා කුණාටුවේ ඔබව සෙව් වෙලේ
බිම සෙලවී ගිණි ඇවිලී තිබුණු ඒ වෙලේ
ඔබ හමු නොවූයේ
දෙවිපියේ අද ලොවේ පැනය එයම වේ
මිහිතලේ වියවුලේ ඔබව හමු නොවේ
නිසංසලය අතරතුරදි
සියුම් හඬක් අපට ඇසේ //
~ Singlish Lyrics ~
nisangasala lowe dewindu muna gaese //
eha meha kadimudiye duwana lowa thule
mahanda naga wedi awula satan waedi lowe
dewndu hamu nowe
dewi piye obe lowe aeyida changachale
mihithale kalabale aeyida aethikale
nisalawanna ma dewi bawa
daenagannaya paewasuwe //
nisangasala lowe dewindu muna gaese //
eda maha kunatuwe obawa sew wele
bima selawee gini aewilee thibunu e wele
oba hamu nowooye
dewipiye ada lowe paenaya eyama we
mihithale wiyawule obawa hamu nowe
nisangasalaya atharathuradi
siyum handak apata aese //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →