← Back to all songs
HYMN #B369

මගෙ බාල වයසේ පටන් යේසුනේ

Mage Baala Vayasea Patan Yeasunea

මගෙ බාල වයසේ පටන් යේසුනේ

ඔබගේම දෑතින් මා උසුලන් පියේ

තුරුලේ හොවා මාව සිපගත් පියේ

රැකගන්න සැමදා ඔබේ ආදරේ //

පුංචි මලක් සේම සිටියත් මෙමා

කොවුලෙක් ලෙසින් සිංදු කීවත් මෙමා

වෑයම් කළත් ඉන්න බෝසේ හොඳින්

පාපෙන් පිරීලා ඇත මා සිතින්

මගෙ බාල වයසේ පටන්...

යේසුස් තමයි ආවෙ දෙවිඳුන් වෙතින්

තම ජීවිතේ පූජා කළෙ ආදරෙන්

පාපෙන් මුදා මාව නිදහස් කළෙන්

වඳිනෙම් මෙමා සෑම දින ප්‍රීතියෙන්

මගෙ බාල වයසේ පටන්...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →