← Back to all songs
HYMN

මගෙ ආත්මය හිමි පසසනු මා තුළ ඇති සැමා

Mage Aathmaya Himi Pasasanu Maa Thula Athi Samaa

ශුද්ධාත්මයාණන් · Holy Spirit

අඳුරේදී ඔබ මා පහන වේ

ඔබ මාගේ ආලෝකේ

විපතෙදී ඔබ මා ලඟම වේ

රැකවරණය ඔබ වේ

මගෙ ආත්මය හිමි පසසනු

මා තුළ ඇති සැමා

හිමි උපකාර සිහි නැති නොකරනු

මට දුන් ගැලවීමා //

හිමි මාගේ සවියයි ශක්තියයි

මට දයා වී මා ඔසවයි

අයුතුකම් කමා කරයි

රෝග සුව කරයි

මගෙ ආත්මය හිමි පසසනු x 1

දිවි මාගේ රකිමින් මා මුදයි

ප්‍රේමයෙන් මා ගැන සලකයි

වරද මාගෙන් දුරු කරයි

සදාකල් සුරකි

මගෙ ආත්මය හිමි පසසනු x 2

මට දුන් ගැලවීමා...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →