← Back to all songs
WORSHIP

මරි මව්ගේ උකුලේ

Mari Mauge Ukulee

නත්තල් · Christmas

මරි මව්ගේ උකුලේ සැතපෙන බිළිඳු පුතේ

ඉපදීලා බෙත්ලෙහෙමේ යේසු කුමරු නාමේ

යේසු කුමරු නාමේ

නත්තල් ඇවිදිල්ලා සුර ලෝ ගී ගයලා

සැම සිත් පව් කිළිටෙන් මුදවා

හදවත් දෙව් ප්‍රේමෙන් පුරවා

එඩේරුන් බැටලූවන් රකිමින් සිටි ඒ රෑ

සුර දූතුන් ගී ගයා එපවත් සැලකල රෑ

ගවහලයි සුරලොවයි තරුවෙන් යා කළ රෑ

මෙසියස් රුව දුටු රෑ

නර නිදුන් තුවරලා සුවඳලාටු රැගෙනා

ගවලෙනේ සුර රජුන් ඉපදුනු පුවත ගෙනේ

මහිමයයි ලොවපුරා සුර ගී හඩ ඇසුනේ

සාමයෙ හඩ ඇසුනේ

~ Artist: ගෞ. නලින් පෙරේරා ~

~ Singlish Lyrics ~

mari mawge ukule saethapena bilindu puthe

ipadeela bethleheme yesu kumaru name

yesu kumaru name

naththal aewidilla sura lo gee gayala

saema sith paw kiliten mudawa

hadawath dew p‍remen purawa

ederun baetaloowan rakimin siti e rae

sura doothun gee gaya epawath saelakala rae

gawahalayi suralowayi tharuwen ya kala rae

mesiyas ruwa dutu rae

nara nidun thuwarala suwandalatu raegena

gawalene sura rajun ipadunu puwatha gene

mahimayayi lowapura sura gee hada aesune

samaye hada aesune

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →