← Back to all songs
WORSHIP

උඳුවප් මාසේ නත්තල උදාවෙලා

Unduwap Maase Naththala Udavela

නත්තල් · Christmas

උඳුවප් මාසේ නත්තල උදාවෙලා

විසිතුරු පාටින් මුළු ලොවම සරසලා

නැටුමට ගැයුමට සාදයට යටවෙලා

ගියෙදෝ සැබෑ අරුත අතරමංවෙලා

සාමයේ කුමරු උපන් නත්තලේ

සමගියේ දහම ගෙනා නත්තලේ

ප්‍රේමයෙන් ලෝ දණ එකට එක්කලේ

සිහිකර සමරමු ගුණ සැබෑ නත්තලේ

නොහැගේ දෙව් සෙනෙහස පෑ කුරුසගසේ

නත්තල් ගස සරසා ගීත ගයන්නේ

වටහා සිතට අරන් දෙව් පිය සෙනෙහේ

විඳගමු සැබෑ සතුට මිහිරි නත්තලේ

අවන්හලේ සංගීත සාදයේ

නත්තල් සීයා නටා තෑගි බෙදන්නේ

කුසගිනි දරුවන් වැහැරුනු මව් උකුලේ

වීදියෙ කොනකට වී බලා හඩන්නේ

~ Artist: ගෞ. රොයිස්ටන් ඩී වෙසර් ~

~ Singlish Lyrics ~

unduwap mase naththala udawela

wisithuru patin mulu lowama sarasala

naetumata gaeyumata sadayata yatawela

giyedo saebae arutha atharamangawela

samaye kumaru upan naththale

samagiye dahama gena naththale

p‍remayen lo dana ekata ekkale

sihikara samaramu guna saebae naththale

nohaege dew senehasa pae kurusagase

naththal gasa sarasa geetha gayanne

wataha sithata aran dew piya senehe

windagamu saebae sathuta mihiri naththale

awanhale sangageetha sadaye

naththal seeya nata thaegi bedanne

kusagini daruwan waehaerunu maw ukule

weediye konakata wee bala hadanne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →