← Back to all songs
HYMN

මාවත අයිනේ දුකින් සිටි මා

Maavatha Ainea Dhukin Siti Maa

ස්තූති ගීතිකා · Praise

මාවත අයිනේ දුකින් සිටි මා

සරණක් නොමැතිව හඬමින් සිටියා

යේසුස් වහන්සේ අසලින් ගියා

මුළු ලොවම මා හට එරෙහි වුනා //

මිතුරේනි මං අද අන්ධ වෙලා

ලස්සන මේ ලොව කවදා දකිම්දෝ //

මේ ජීවිතේ මා කලක් ගෙවීලා

මෙලෙස ගෙවන්නට කුමක් කළේ මා

මාවත අයිනේ දුකින් සිටි මා...

දැන් මාගේ කාලය එලඹී ඇතේ

යේසුනි මා හඬ ඔබ හට ඇසුනා //

අන්ධ වූ මාගේ නෙත් දෙක දුටුවා

ලස්සන ලොව මට දකින්න ලැබූනා

මාවත අයිනේ දුකින් සිටි මා...

අන්ධ වූ මාගේ නෙත් දෙක දුටුවා...

~ Artist: ගරු. ගුලවිටගේ නිශාන්ත ~

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →