← Back to all songs
WORSHIP

සීතල රෑ ඈතින් දිලෙනා තනි තරුවේ Seethala Raa Aathin Dilena Thani Tharuvee

නත්තල් · Christmas

සීතල රෑ සීතල රෑ

ඈතින් දිලෙනා තනි තරුවේ //

ගොළු බසින් ලොව එළිය විහිදා

කියූ ලෙස ඒ පෙරදිනේ //

අන්ධ මිනිසුන් වෙත කියන් අද

කිතු උපන් බව අද දිනේ

දයා භක්තිය හීනවී යන

මිනිස් කැළ වෙත නෙත් යොමා //

කියන් සමිඳුන් වෙතට යන මඟ

මෙයයි ගැළවෙන මඟ සදා

ලොවක් සිතුවිලි හද නැගෙන්නට

සපිරිමානව භක්තියෙන් //

පවින් වියළුනු නෙත් තෙමන්නට

කෙනෙක් ඉපදුනු බව කියන්

~ Singlish Lyrics ~

seethala rae seethala rae

aethin dilena thani tharuwe //

golu basin lowa eliya wihida

kiyoo lesa e peradine //

anda minisun wetha kiyan ada

kithu upan bawa ada dine

daya bakthiya heenawee yana

minis kaela wetha neth yoma //

kiyan samindun wethata yana manga

meyayi gaelawena manga sada

lowak sithuwili hada naegennata

sapirimanawa bakthiyen //

pawin wiyalunu neth themannata

kenek ipadunu bawa kiyan

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →