← Back to all songs
WORSHIP

මරියාවෙනි ඔබ දන්නවාද

Mariyaveni Oba Dannavada

නත්තල් · Christmas

මරියාවෙනී ඔබ දන්නවාද

ඔබ අත රැදි මේ බිළිදා

අප නමදින අප පසසන සමිදානන්ය කියා

මරියාවෙනී ඔබ දන්නවාද

ඔබ අත රැදි මේ දරුවා

මෙළොව මැවූ සර්වබල දෙවිදුන්ය කියා

දන්නවාද මරියාවෙනී මේ සුරතල් දරුවා

ඔබව මැවූ දෙවිදුන්ය කියා

මරියාවෙනී ඔබ දන්නවාද

ඔබ අත රැදි මේ බිළිදා

පාපෙන් පිරී ලොව ගලවන යාගයයි කියා

මරියාවෙනී ඔබ දන්නවාද

ඔබ අත රැදි මේ දරුවා

දිනෙක සියළු ජාතීන් පාලනය කරයි කියා

දන්නවාද මරියාවෙනී ඔබ ජීවය දුන් දරුවා

දිනෙක ඔබට ජීවය දෙයි කියා

බිහිරන්ට ඇසේ අන්ධයන්ට පෙනේ

කොරුන් ඇවිදීවී

ගොලූවන් පසසයි සමිදුන්ගෙ ගුන

මලවුන් නැගිටීවී

මරියාවෙනී ඔබ දන්නවාද

ඔබ අත රැදි මේ බිළිදා

දෙවිදුන්ගේ අති ශුද්ධවූ බැටලූවානන් කියා

මරියාවෙනී ඔබ දන්නවාද

ඔබ අත රැදි මේ දරුවා

ජීවනයද සත්‍යයද මාර්ගයද කියා

~ Singlish Lyrics ~

mariyawenee oba dannawada

oba atha raedi me bilida

apa namadina apa pasasana samidananya kiya

mariyawenee oba dannawada

oba atha raedi me daruwa

melowa maewoo sarwabala dewidunya kiya

dannawada mariyawenee me surathal daruwa

obawa maewoo dewidunya kiya

mariyawenee oba dannawada

oba atha raedi me bilida

papen piree lowa galawana yagayayi kiya

mariyawenee oba dannawada

oba atha raedi me daruwa

dineka siyalu jatheen palanaya karayi kiya

dannawada mariyawenee oba jeewaya dun daruwa

dineka obata jeewaya deyi kiya

bihiranta aese andayanta pene

korun aewideewee

goloowan pasasayi samidunge guna

malawun naegiteewee

mariyawenee oba dannawada

oba atha raedi me bilida

dewidunge athi shuddawoo baetaloowanan kiya

mariyawenee oba dannawada

oba atha raedi me daruwa

jeewanayada sath‍yayada margayada kiya

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →