← Back to all songs
WORSHIP

පිණිපොද ආසිරි

Pinipoda Asiri

නත්තල් · Christmas

පිනි පොද ආසිරි තරුමල් වැස්සේ

පුතෙක් ඉපිද ඇත මැදියම් අඳුරේ

එන්න යන්න තරු එළිය දිගේ

ගයමු වයමු දෙවි තූමන් සෙනේ

ගයමු වයමු දෙවි තූමන් සෙනේ

හාලේලුයියා හාලේලුයියා

හාලේලුයියා හාලේලුයියා

සාම සුවද ලෝ දිළිඳු දනන් හට

දුන් වග සුරගුන් පවසන්නේ //

රජවරු එතූමන් දෙපා වදින බව

වන බඹරුන් ගී මුමුණන්නේ //

සෙනෙහෙ සිතින් පව් කිලිටි නසන්නට

දෙවිඳුන් මනුබව අරගන්නේ //

එන්න යන්න අපි අත්වැල් බැදගෙන

නත්තල දොර ලඟ හිනැහෙන්නේ //

~ Artist: ගෞ. භාතිය & සන්තුෂ් ~

~ Singlish Lyrics ~

pini poda aasiri tharumal waesse

puthek ipida aetha maediyam andure

enna yanna tharu eliya dige

gayamu wayamu dewi thooman sene

gayamu wayamu dewi thooman sene

haleluyiya haleluyiya

haleluyiya haleluyiya

sama suwada lo dilindu danan hata

dun waga suragun pawasanne //

rajawaru ethooman depa wadina bawa

wana bambarun gee mumunanne //

senehe sithin paw kiliti nasannata

dewindun manubawa araganne //

enna yanna api athwael baedagena

naththala dora langa hinaehenne //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →