← Back to all songs
WORSHIP

වසර දහස් ගණනකට පෙර

Wasara Dahas Gananakata Pera

නත්තල් · Christmas

වසර දහස් ගණනකට පෙර

මෙවන් නිසල රැයක

යේසු සමිඳුන් ඉපදෙන්න

සෙවුවා සැම තැනක

ඉඩදුන්නේ නැහැ කිසිිම කෙනෙක්

සමිඳුන් හට ඉපදෙන්න

දෙව් සමිඳුන් හට ඉඩ ලැබුණේ

පුංචි ගවහලක

සාමේ කුමරුන් යේසු සමිඳුන්

සාමේ කුමරුන් යේසු සමිඳුන්

දේව දූතයෙක් බෙත්ලෙහෙමේ

එඬරුන් හට දිස් වූවා

මුළු සෙනගට ප්‍රීතිය ගෙනෙනා

ආරංචිය ගෙන ආවා

ගැලවුම්කරු ක්‍රිස්තුස් සමිඳුන්

බිහිවූ බව පැවසුවා

ඒ විගසින් එඬරුන් ඇවිදින්

දෙව් සමිඳුන් හට වැන්දා

සාමේ කුමරුන් යේසු සමිඳුන්

සාමේ කුමරුන් යේසු සමිඳුන්

අදත් යේසු සමිඳුන් ඉපදෙන්නට

තැන තැන ඇවිදිනවා

ඔබත් එදා මෙන් දොරටු වසා

ඉඩ නැති බව පවසනවා

මොහොතක් සිතලා දොරටු හැර දමා

සමිඳුන් කැඳවන්න

දේව වචනයේ නියම නත්තලක

සතුටක් ලැබගන්න

සාමේ කුමරුන් යේසු සමිඳුන්

සාමේ කුමරුන් යේසු සමිඳුන්

~ Singlish Lyrics ~

wasara dahas gananakata pera

mewan nisala raeyaka

yesu samindun ipadenna

sewuwa saema thaenaka

idadunne naehae kisiිma kenek

samindun hata ipadenna

dew samindun hata ida laebune

pungachi gawahalaka

same kumarun yesu samindun

same kumarun yesu samindun

dewa doothayek bethleheme

endarun hata dis woowa

mulu senagata p‍reethiya genena

aarangachiya gena aawa

gaelawumkaru k‍risthus samindun

bihiwoo bawa paewasuwa

e wigasin endarun aewidin

dew samindun hata waenda

same kumarun yesu samindun

same kumarun yesu samindun

adath yesu samindun ipadennata

thaena thaena aewidinawa

obath eda men doratu wasa

ida naethi bawa pawasanawa

mohothak sithala doratu haera dama

samindun kaendawanna

dewa wachanaye niyama naththalaka

sathutak laebaganna

same kumarun yesu samindun

same kumarun yesu samindun

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →