← Back to all songs
WORSHIP

කළකට පෙර ඒ බෙත්ලෙහෙමේ

Kalakata pera e Bethleheme

නත්තල් · Christmas

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ

ශුද්ධවූ නගරේ

යේසුස් මෙලොවට බිහි වුනේ

පුංචි ගව මඩුවේ //

උඳුවප් මාසේ සීතල දවසක

මැදියම් රෑ යාමේ

දෙව් මව් තුරුලේ උණුසුම ලබමින්

මේ ලෝකෙට ආවේ

සීත සුළං රැළි දසත හමද්දී

සැතපීලයි උන්නේ

දුප්පත් එඬේරු ‍මේ බව දැනගෙන

ගවලෙන වෙත යන්නේ

වටපිට රොක්වී උම්බෑ ගාමින්

හරකුන් කෑ ගසති

රජතුන් කට්ටුව බිළිඳු ළඟ වැටී

පඬුරු ඔප්පු කරතී

මරියතුමියගේ පෙම්බර මුහුණේ

එළියක් දිස් වූයේ

ජුසේ තුමා කිසිදාකත් නෑ

දෙව් අණකට පිටුපෑවේ

මා සමිඳේ පවින් මුදන්නට ආ සමිඳේ

අප ගලවාගත් දෙව් සමිඳේ

ඔබ යලි කවදද එන්නේ සමිඳේ අපේ //

~ Singlish Lyrics ~

kalakata pera e bethleheme

shuddawoo nagare

yesus melowata bihi wune

pungachi gawa maduwe //

unduwap mase seethala dawasaka

maediyam rae yame

dew maw thurule unusuma labamin

me loketa aawe

seetha sulanga raeli dasatha hamaddee

saethapeelayi unne

duppath enderu ‍me bawa daenagena

gawalena wetha yanne

watapita rokwee umbae gamin

harakun kae gasathi

rajathun kattuwa bilindu langa waetee

panduru oppu karathee

mariyathumiyage pembara muhune

eliyak dis wooye

juse thuma kisidakath nae

dew anakata pitupaewe

ma saminde pawin mudannata aa saminde

apa galawagath dew saminde

oba yali kawadada enne saminde ape //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →