← Back to all songs
HYMN

මාව ගලවාගත් දෙවිඳා ඔබයි

Maava Galavaagath Dhevinndhaa Obai

මාව ගලවාගත් දෙවිඳා ඔබයි

මා ලඟ ඉන්න දෙවිඳා ඔබයි

මාගේ විපතෙදී, මාගේ සතුටෙදී -

මාව අත්නොහරින දෙවිඳා ඔබයි - //

ඔබටමයි මා ගයන්නේ, ඔබ ගැනයි මා සිතන්නේ

වෙන මඟක් නෑ සොයන්නේ, ඔබය පිළිතුර සමිඳේ

පිළිතුර සමිඳේ, පිළිතුර සමිඳේ -

ඔබය පිළිතුර සමිඳේ //

ඔබගෙ පියාපත් සෙවනේ, ගීතයෙන් නමදින්නේ

මාගේ සැඟවෙන ස්ථානේ, නිතරම රක්ෂා කරන්නේ

රක්ෂා කරන්නේ, රක්ෂා කරන්නේ -

නිතරම රක්ෂා කරන්නේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →