රූරා ඇදහැලෙනා ලේ ගංගා
Ruura Adahalena Le Ganga
රූරා ඇද හැලෙනා ලේ ගංඟා
කුරුසියේ කල්වරියේ
මිනිස් පරපුරක් ගලවන්නට හෙලූ
ලේ ගංඟාවයි ඒ
මෙතරම් මිනිසාට ප්‍රේමකලා ඔබ
කුරුසියේ දිවි පිදුවේ
ලොව මැව් දින සිට ලියවුනු මිහිරිම
ප්‍රේම කතාවයි මේ
ඇඟිලි තුඩට ගත් පස් පිඩ වෙමි මම
ඔබ සුරතෙහි රැඳුනු
මා තුළ ඇති ගල් කැට ඉවතට ගෙන
මාව සකස් කරනු
බාරවෙමි මම ඔබ හස්තය මත
පස් පිඩ මෙන් නොරලු
ඔබ තුටු ලෙසකට මාව අඹනු මගෙ
පෙම්බර කුඹල්කරු
සරු තණ බිමකට මා ගෙනයනු මගෙ
මිහිරි එඬේරාණෝ
මා එහි ගෙනගොස් රැකගනු මැන මගේ
සුරැකි එඬේරාණෝ
ඔබේ හඩ හඳුනමි පසු පස දුව එමි
මහිමේ එඬේරාණෝ
මා අත නොහරින බව දනිමි මගෙ
බැටළු එඬේරාණෝ
~ Artist: ගෞ. රොයිස්ටන් ඩී වෙසර් ~
~ Singlish Lyrics ~
roora aeda haelena le ganganga
kurusiye kalwariye
minis parapurak galawannata heloo
le gangangawayi e
metharam minisata premakala oba
kurusiye diwi piduwe
lowa maew dina sita liyawunu mihirima
prema kathawayi me
aengili thudata gath pas pida wemi mama
oba surathehi raendunu
ma thula aethi gal kaeta iwathata gena
mawa sakas karanu
barawemi mama oba hasthaya matha
pas pida men noralu
oba thutu lesakata mawa ambanu mage
pembara kumbalkaru
saru thana bimakata ma genayanu mage
mihiri enderano
ma ehi genagos raekaganu maena mage
suraeki enderano
obe hada handunami pasu pasa duwa emi
mahime enderano
ma atha noharina bawa danimi mage
baetalu enderano
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →