← Back to all songs
WORSHIP

ඔබ නමදින්නට ආවෙමි

Oba Namadinnata Awemi

නමස්කාරය · Worship

ඔබ නමදින්නට ආවෙමි සමිඳේ

ඔබ හට ඇති ප්‍රේමෙ නිසා

පැසසුමි ගී ඔබ වෙත

පුදනෙමි මා ඔබ මාගේ දෙවිඳු නිසා

හද පිරි සතුටින් ඔබ පසසමි මං

ගැලවුමිකරු ඔබම නිසා

මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන්

නමදිමු මා දෙවි සමිදා

විශ්වයේ මැවුම්කරුවානනි

ඔබටයි මේ ස්තුති ගී

පසසා ගයම් ඔබෙ නාමය

වඳිනෙම් ඔබතුම බැතිනී //

අහසේ තරු දෙස බැලූවෙමි මා

කෙතරමි පුදූමද ඒවා

කඳු ශිඛරයන් මා නෙත ගැටුනා

ඔබෙ බල මහිමය දූටුවා

ගී දෙන කුරුලන් සුවදැති පොඩි මල්

මැවිල්ලේ අරුමය පෑවා

ඒ සැමට වඩා මහා පුදූම ලෙසින්

දෙවිඳේ ඔබ මා මැව්වා

~ Singlish Lyrics ~

oba namadinnata aawemi saminde

oba hata aethi p‍reme nisa

paesasumi gee oba wetha

pudanemi ma oba mage dewindu nisa

hada piri sathutin oba pasasami manga

gaelawumikaru obama nisa

mulu aathmayen shakthiyen buddiyen

namadimu ma dewi samida

wishwaye maewumkaruwanani

obatayi me sthuthi gee

pasasa gayam obe namaya

wandinem obathuma baethinee //

ahase tharu desa baeloowemi ma

ketharami pudoomada ewa

kandu shikarayan ma netha gaetuna

obe bala mahimaya dootuwa

gee dena kurulan suwadaethi podi mal

maewille arumaya paewa

e saemata wada maha pudooma lesin

dewinde oba ma maewwa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →