← Back to all songs
HYMN

අලුත් ඉරක් පායලා

Aluth Irak Paayalaa

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

අලුත් ඉරක් පායලා

අලුත් දිනක් උදාවෙලා

කුරුළු ගීත සිසිල් සුළං

රැළි අතරේ පාවෙලා

හරි ලස්සන මෙවන් දිනක්

සිත් සනසන මෙවන් දිනක්

ඔබයි අපට උදා කරන්නේ සමිඳුනේ - //

මෙදින මගේ වැඩ සියල්ල

සතුටු සිනහ කඳුළු මෙන්ම //

ඔබ හට බාරයි සමිඳේ

ඔබ හට බාරයි

රටට සෙතක් උදාවෙන්න

ඒ වෙනුවෙන් වෙහෙස වන්න //

උදව් දෙනු මැනේ සමිඳේ

උදව් දෙනු මැනේ

දවස ගෙවී වැඩ කරන්න

වෙහෙස මැදින් තුති පුදන්න //

රකිනු මැනවි මා සමිඳේ

රකිනු මැනවි මා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →