යේසුස් මගේ යැයි සෙත් ලත්
Yesus Mage Yayi Seth Lath
යේසුස් මගේ යයි සෙත් ලත් වදන්
කොයිලෙස් වනමිද සැනසුමි එයින්
පවින් මිදීම දෙවි තුම දී
ආත්මෙන් උපන්නෙමි ලෙයින් සේදී
මේ මගේ ගීයත් පැසසුමත්
වෙයි සැමදාම හට දෙවිපුත්
මේ මගේ ගීයත් පැසසුමත්
වෙයි සැමදාම හට දෙවිපුත්
යටත්කම වෙයි සැපත මා
හිමි කෙරේම තොස් වෙම් නොපමා
හිමිගේ ඊම බලමින්ම
පෙමි සයුරේම ගිලෙම් මම
යටත්කම වෙයි සොමිනස් මගේ
තේජස් පෙනෙයි ඇසට සගේ
දෙව් දූතයෝ විත් දයා පෙම
දන්වත් මෙමට දෙව් ලොවින්ම
~ Singlish Lyrics ~
yesus mage yayi seth lath wadan
koyiles wanamida saenasumi eyin
pawin mideema dewi thuma dee
aathmen upannemi leyin sedee
me mage geeyath paesasumath
weyi saemadama hata dewiputh
me mage geeyath paesasumath
weyi saemadama hata dewiputh
yatathkama weyi saepatha ma
himi kerema thos wem nopama
himige eema balaminma
pemi sayurema gilem mama
yatathkama weyi sominas mage
thejas peneyi aesata sage
dew doothayo with daya pema
danwath memata dew lowinma
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →