HYMN #B218
මාගේ යේසුනේ ඔබ මගෙයි
Maagea Yeasunea Oba Magei
මාගේ යේසුනේ ඔබ මගෙයි දනිම්
ඔබ නිසා පාපේ සැප අත්හරිම්
මගේ ගැලවුම්කරු ඔබයි උතුම්
යේසුනේ ප්‍රේමේ මා ඔබටම වේ
පළමුවෙන් ඔබ මට පෙම් කළේ
කල්වරියේ මැරී මිදීම දුන්නෙ
කටු ඔටුන්නක් හිසෙහි දැරුවේ
යේසුනේ ප්‍රේමේ මා ඔබටම වේ
ජීවිතයේ දී හා මරණයේදී
ප්‍රේම කරම් නිබඳ පැසසුම් දී
කියමි මරණේ වේදනාවේදී
යේසුනේ ප්‍රේමේ මා ඔබටම වේ
සගේ මහිමැත් මාළිගා තුළෙහි
පසම් ඔබට කියමින් තුති ගී
දිමුත් කිරුළක් පැළැඳ එහිදී
යේසුනේ ප්‍රේමේ මා ඔබටම වේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →