පවිනි පිරුණු හදකි ඇත්තේ
Pavini Pirunu Hadaki Aththe
පවිනි පිරුනු හදකි ඇත්තෙ අපට සමිඳුනි
සරණ වෙලා වෙන්න සමා අපට සමිඳුනි //
සිනිඳු ගලක හැපෙන රැලක නගින පෙන වගේ
සිතට ගතට නිතර දැනෙන ජීවනේ අපේ //
සෙවන පතන මෙ අප වෙතට යොමා කුළුනෙනි
පවිටු බවෙන් මුදාගන්න යේසු සමිඳුනි //
නිහඬ රැයක ලොවට ගෙනෙන සාමයේ අගේ
නිදන ළමා මනසෙ ඇඳෙන සිහිනයක් වගේ //
මලක රේණු තුඩක වදින කුරුළු හොට වගෙයි
පවෙම ගැටෙන පවිටු හදකි ජීවිතේ අපේ //
~ Singlish Lyrics ~
pawini pirunu hadaki aeththe apata saminduni
sarana wela wenna sama apata saminduni //
sinindu galaka haepena raelaka nagina pena wage
sithata gathata nithara daenena jeewane ape //
sewana pathana me apa wethata yoma kuluneni
pawitu bawen mudaganna yesu saminduni //
nihanda raeyaka lowata genena samaye age
nidana lama manase aendena sihinayak wage //
malaka renu thudaka wadina kurulu hota wageyi
pawema gaetena pawitu hadaki jeewithe ape //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →