← Back to all songs
WORSHIP

නමදින්නට ආසයි

Namadinnata Aasayi

නමස්කාරය · Worship

නමදින්නට ආසයි ඔබගේ නාමේ

ඔසවන්නට ආසයි ඔබගේ මහිමේ

මාගේ මුළු හදින් ඔබව අදහන්නම්

දෙවි සමිඳුනි

මාගේ මුළු සිතින් ඔබව සොයන්නම්

මුවෙකු දිය දහරට ඇදෙනා සේ සමිඳේ

ඔබගේ බලයෙන් මා හදවත පුරවා

ගෙනයන් මා සමිඳේ

ඔබ මාගේ සවියයි යේසුනී

ඔබ මාගේ සරණයි ස්වාමිනි

ඔබ මට මඟ පෙන්වයි ශුධතුනි

මා උසුලාගෙන යයි

මේ දිවි කතර පුරා

~ Artist: ගෞ. දයාන් සෙනෙවිරත්න ~

~ Singlish Lyrics ~

namadinnata aasayi obage name

osawannata aasayi obage mahime

mage mulu hadin obawa adahannam

dewi saminduni

mage mulu sithin obawa soyannam

muweku diya daharata aedena se saminde

obage balayen ma hadawatha purawa

genayan ma saminde

oba mage sawiyayi yesunee

oba mage saranayi swamini

oba mata manga penwayi shudathuni

ma usulagena yayi

me diwi kathara pura

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →