← Back to all songs
WORSHIP

දයාබර නෙත්

Dayabara Neth

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

දයාබර නෙත් අගින් ගිලිහුණු

කඳුලූ බිඳුවක් වී

රුදුරු ඇනයෙන් මැවුනු සිදුරෙන්

ගලන රුධිරය වී

කුරුසියක් මත දුක දරන විට

ඔබේ තුරුලට වී

ආදරෙන් ඔබ මට වදාරන

සියුම් හඬ අසමි

ඔබට කීකරු නොවුනු හන්දද

කුරුසියේ දුක දරන්නේ

පවින් මා සිත පිරුණු හන්දද

දෙඅත් රුධිරෙන් පිරෙන්නේ

කථා කල මැන හිමියනේ මට

මගේ පාපය දැනෙන්නේ

ආදරෙන් ඔබ මට වදාරන

සියුම් හඬ මා අසන්නේ

ඔබේ හඬ මා ඇසුවේ නැති කල

පාපයෙන් සිත පිරෙන්නේ

ජිවිතේ දුක පැමිණෙනා කල

ඔබව අමතක කරන්නේ

එවන් මොහොතක දෙවි පියාණෙනි

ඔබේ පිහිටයි පතන්නේ

තවත් ලංකරලන්න සමිදුනි

නොමැති නම් මා නසින්නේ

~ Singlish Lyrics ~

dayabara neth agin gilihunu

kanduloo binduwak wee

ruduru aenayen maewunu siduren

galana rudiraya wee

kurusiyak matha duka darana wita

obe thurulata wee

aadaren oba mata wadarana

siyum handa asami

obata keekaru nowunu handada

kurusiye duka daranne

pawin ma sitha pirunu handada

death rudiren pirenne

katha kala maena himiyane mata

mage papaya daenenne

aadaren oba mata wadarana

siyum handa ma asanne

obe handa ma aesuwe naethi kala

papayen sitha pirenne

jiwithe duka paeminena kala

obawa amathaka karanne

ewan mohothaka dewi piyaneni

obe pihitayi pathanne

thawath langakaralanna samiduni

nomaethi nam ma nasinne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →