HYMN #B108
අහෝ සමිඳු කුරුසේ, ප්‍රේමවන්ත හිමි සඳ
Ahoe Saminndhu Kurusea Preamavantha Himi Sanndha
අහෝ සමිඳු කුරුසේ
මා නිසා මළා ද?
ඒ සිරස නමා තොසේ
පූජාවක් වුණා ද?
ප්‍රේමවන්ත හිමි සඳ
පිළිගනු මෙමා
සිහසුන පිටදී ද
සිහිකරන් මෙමා
මා අපරාධ නිසාද
ගසේ එල්ලී ඉන්නේ?
විස්ම පත් දයා පෙම් කඳ
නැද්ද අඩුවන්නේ?
හිරු ගියයි අඳුරට
එහි තේජස් නසා
ක්‍රිස්තුස් හිමි දිව් දුන් විට
පවිටු මා නිසා
මා මුහුණ ද හිරුමෙන්
වසා ගනිම් අද
ඒ කුරුසේ දුටුවොතින්
පැළෙයි මගේ හද
කඳුළෙන් බැරිවෙයි දනිම්
මා ණය ගෙවන්ට
මෙන්න සමිඳුනේ මෙ මම්
බාර වෙමි ඔබට
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →