← Back to all songs
WORSHIP

කිතු හිමිගේ සෙවනේ

Kithu Himige Sevane

කැපවීම සහ සේවය · Commitment & Service

කිතු හිමිගේ සෙවනේ

වැඩෙනා අප සැමටා

ආසිරි දෙන් සමිදේ

යෙදෙනට ඔබ සේවේ //

කිතු හමි ගිය මග

අපටද යන්නට

සවිබල දෙනු මැන

සේවය කරනට //

කල්වරියේ වේවා

දුක් ගිනි මැද වේවා

ආලෝකය පතුරා

ඉන්නට වෙර දේවා

දුක් ගිනි යුරු මැද

සිසිලක් වන්නට

වෛරය ඇති තැන

සාමය වන්නට //

නිති අප එක්වීලා

ඔබ පෙම හද පුරවා

අප දිවියේ සැමදා

ඉන්නට වෙර දේවා

~ Singlish Lyrics ~

kithu himige sewane

waedena apa saemata

aasiri den samide

yedenata oba sewe //

kithu hami giya maga

apatada yannata

sawibala denu maena

sewaya karanata //

kalwariye wewa

duk gini maeda wewa

aalokaya pathura

innata wera dewa

duk gini yuru maeda

sisilak wannata

wairaya aethi thaena

samaya wannata //

nithi apa ekweela

oba pema hada purawa

apa diwiye saemada

innata wera dewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →