කැපවෙමි සමිදුනි
Kapavemi Samiduni
කැපවෙමි සමිඳුනී මා ඔබේ නමටා
වීමට මෙහෙකරු ඔබගේ
ඔබ දුන් වියගහ රැගෙන සෑමදා
යමි මම ඔබ ගිය පාරේ
ලෝකයේ අඳුරේ
මංමුලාව සිටි වේලේ //
ජීවිතයේ හරි මාවත පෙන්වා
දුන්නේ ඔබයි සමිඳේ //
මෙලොවින් ලැබෙනා
සම්පත එපා කරන්නෙම් //
ඔබහට කරනා සේවය මිහිරියි
සැපත එයයි සමිඳේ //
ඔබගේ පාමුලේ
සේවය කරන්න සමිඳේ //
සත්‍යය ප්‍රේමය ආත්මය මා හට
දෙනු සැමදා සමිඳේ //
~ Singlish Lyrics ~
kaepawemi samindunee ma obe namata
weemata mehekaru obage
oba dun wiyagaha raegena saemada
yami mama oba giya pare
lokaye andure
mangamulawa siti wele //
jeewithaye hari mawatha penwa
dunne obayi saminde //
melowin laebena
sampatha epa karannem //
obahata karana sewaya mihiriyi
saepatha eyayi saminde //
obage pamule
sewaya karanna saminde //
sathyaya premaya aathmaya ma hata
denu saemada saminde //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →