← Back to all songs
HYMN

මා සිතේ සැකයක් නැතේ, සමිඳුන් මා සමඟ වේ

Maa Sithea Sakayak Nathea Saminndhun Maa Samannga Vea

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

මා සිතේ සැකයක් නැතේ, සමිඳුන් මා සමඟ වේ

දෙව් වදන් රැව්පිලි නැගේ, සමිඳුන් මා සමඟ වේ

වේදනා දුරු වී ඇතේ, සුන්දරයි ජීවිතේ

මා සිතේ සැකයක් නැතේ, සමිඳුන් මා සමඟ වේ

මාගේ පව්බර සමිඳුන් ඉසුලුවා

කුරුසිය මතදී තම දිවි පුද කෙරුවා

මරණය පරදා උත්ථානය වූවා

මා ගෙනයන්නට හිමිතුම යලි එනවා

සැකයක් නෑ... //

මා සිතේ සැකයක් නැතේ, සමිඳුන් මා සමඟ වේ...

ඔබගේ හදවත යේසුට පුද දෙන්න

පව් ගැන තැවෙමින් යේසුස් වෙත එන්න

එතුමන් ගැලවුම්කරු ලෙස පිලිගන්න

සදා ජීවනේ හිමිවේ ඔබ සැමට

සැකයක් නෑ... //

මා සිතේ සැකයක් නැතේ, සමිඳුන් මා සමඟ වේ...

සමිඳුන් මා සමඟ වේ... /////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →