HYMN #B232
මා පෙමැති යේසුනි එන්නෙම් මා
Maa Pemathi Yeasuni Ennem Maa
මා පෙමැති යේසුනි එන්නෙම් මා
ප්‍රේමයේ ගීත ගයා
වන්දනා මේ මග මා යනවා
ශ්‍රී යේසුස්ගේ හස්තේ අල්වාගෙනා
භූමික වූ ආසාවන් ...
සදාට මා අත්හරිම්
ඔබගෙ කරුණාවෙන්
දිනෙන් දින ඔබ ප්‍රේමේ මහා
මා හද තුළ දැන් කර මුද්‍රා
හෘදය සුද්ද කරන් ...
නිර්මල වූ දයාවෙන්
පූර්ණ කරන්න මෙමා
යක්ෂයාගේ ගිනි හී තලයන්
විශ්වාසයෙන් යුත් හෘදේ නොවදි
ඔබගේ වචනයෙන් ...
අඳුර පහකරන්
සවිකරන්න හද
හිමි පියාපත් මා සෙනන වේ
ආරක්ෂාස්ථානේද එයම වේ
රාත්‍රීකාලේදී වේවා ...
දිවා වේලෙහි වේවා
ඔබමයි මා පැතුමා
සියොන් ගැන මාගේ විශ්වාසය
පහදා ස්ථිර කරන්න බොහෝ
මෘදු පරෙවිතුමා ...
උවදුරු නැතිවා
එහි ගෙනයන්න මා
විශ්වාසයෙන් සිටියොත් ඔබටා
ලැබේය ජීවනයේ කිරුළ
කුරුසිය දරනා ...
පව් නැති සෙනගටා
හිමි වේ සිහසුනා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →