← Back to all songs
HYMN #B217

මා ඔබගේය යේසුනි පෙම්වත් (ළංකරන්න)

Maa Obageaya Yeasuni Pemvath Lankaranna

මා ඔබගේය යේසුනි පෙම්වත්

ඔබ හඬ ඇසුවෙම්

ඇදහීමෙන් මා නැග ඔබ වෙත්

තව ළංවෙන්ට ලොල් වෙම්

ළංකරන්න ළංකරන්න ස්වාමි මා

යේසුස්ගේ කුරුසේට

ළංකරන්න ළංකරන්න ස්වාමිනි

ලේ ගලන ඇලේට

කැපවෙමි මම් කරුණා ගුණෙන්

ඔබ සේවයට දැන්

කැමැත්ත මාගේ තිර විශ්වාසෙන්

ඔබ තුලේම කිඳන්

ළංකරන්න ළංකරන්න...

මිතුරෙක් සේ මා හිමි සිහසුන්

පාමුල වැටී හිඳ

කන්නලව්වෙන් මා සිටින පැය

කෙතරම් මිහිරිද

ළංකරන්න ළංකරන්න...

මෙලොවින් වෙන්ව මා එනතෙක්ම

දැනගන්ට බැරි පෙම්

සිතන්ට නොහැක් ප්‍රීතිය උතුම්

තව ඇති බැව් දනිම්

ළංකරන්න ළංකරන්න...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →