← Back to all songs
HYMN #B118

මා නිසා ඔබ නිසා කල්වරි කුරුසේ

Maa Nisaa Oba Nisaa Kalvari Kurusea

මා නිසා ඔබ නිසා

කල්වරි කුරුසේ දිවි පුදා

මරණින් ජය ලබා

ජීවත් වෙයි යේසුස් තුමා //

ඔබ මගේ සැම පව් නිසා

වින්ද වේදනා //

පාපයෙන් තොර දමිටු අනගි

ලෙයක් වැගිරුණා //

පිළිගමු එතුමන් කෙරේ

ගැලවුමක් තිබේ //

පව් කමාව රෝග සුවය

ඔබට ඉන් ලැබේ //

තැළුණු බිඳුණු සිත ඔබේ

දෙව්තුම් කරයි අගේ //

එතුම් වෙත ඔබ ළං කරන්න

යේසුස් මාර්ගය වුනේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →