← Back to all songs
HYMN #B029

මා මිදු ආදර යේසුතුමට

Maa Midhu Aadhara Yeasuthumata

මා මිදු ආදර යේසුතුමට

පුදමි ගී නොමදා

පුදමි ගී නොමදා බැතින

පුදමි ගී නොමදා

රුදුරු පවින් යකුගෙ බලෙන්

මා මිදු බැවින්

පුදමි බැතින් ගී තුති අනුබදා

විපත මැදින ප්‍රීති වෙමින

ගමන යමි තිරා

කුමට බීත වෙම්ද එතුම

ළංව සුමිහිරා

සැක බිය දුක් සැම දුරලා

සග මග ගෙන යාය

පෙමින් තුටින මනහරා

මෙලොව සැපත වේය විපත

එතුම නැති සිතේ

යකුගෙ උපා රැවටිලි බස්

නොගෙන සවනතේ

මිතුරු උතුම් යේසු තුමන්

අනුව බැතින් යමුව

තුටින් නිතින නොනැවතේ

ම සතු සියලු දේම පුදමි

තුටින නොවලසා

පණද කයත් ආත්මෙ යේසු

දෙවිඳු පුතු නිසා

දිවි ඇති තෙක් පුදමි බැතින්

ගී තුති පසස්

හිමිට පෙමැත් නිතින සොම්නසා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →