← Back to all songs
HYMN

මා කැඳවූ දෙවිඳේ - මා ස්පර්ශ කලේ

Maa Kanndhavoo Dhevinndhea

මා කැඳවූ දෙවිඳේ - මා ස්පර්ශ කලේ

ඔබ නොමැතිව මා කිසිවක් නොවේ //

මගෙ ජීවිතේ සැමදාමත්

දිවි මාවතේ ගෙන යාමත්

ඔබෙ උසස්ම දේ ලැබුනේ

ඔබෙ කරුණවෙන්

ඔබෙ කරුණා දයාගුණේ

සැමදාමත් මට ඕනේ

ඔබෙ කරුණාව නොමැති නම්

මා ජීවත් නොවේ //

මා යැයි කියන්න මට කිසිවක් නැත්තේ

හැකියාවයි කියන්න

මා ලඟ කිසිත් නැත්තේ //

නොවටිනා මාව රැගෙන

උසස් කළේ කරුණාවයි

ඔබෙ කරුණාව නොමැති නම්

මාද නැතිය //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →