← Back to all songs
HYMN #B233

මා හිමිට ගී කියම් මම්, ගී කියව්

Maa Himita Gee Kiyam Mam Gee Kiyav

මා හිමිට ගී කියම් මම්

ඒ මහත් පෙම නිසා

මා මුදන්ට දී තමන් දෙව්

කුරුසේ මළ නිසා

ගී කියව් ... මගේ හිමිට

මා මිදු ලෙසින් තමන්

කුරුසේ - නැසි එවිට

මා ණය ... ගෙවූ හෙයින්

මා හිමි දයාව දක්වම්

දෙන්ට සෙත් මෙ මා හට

දෙව් ලොවෙහි සැප සම්පත්

හැර ආ නිසා තුට

මා හිමි පැසසුම් දෙම්

ඒ තුමන් ජය ගැනත්

පාපයෙන් නිරෙන් රුදුරු

දෙයි මට ජය මහත්

මා හිමිට ගී කියම් මම්

ඒ තුමන් දයා නිසා

මරණින් ජීවනයට

මා පැමිණ වූ නිසා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →