HYMN #B030
මා හිමිගේ තෙජ බල මහිමේ
Maa Himigea Theja Bala Mahimea
මා හිමිගේ තෙජ බල මහිමේ
ජනිත විය මගේ හද පතුලේ
විශ්මය දෙන විශ්මය හමුවේ
නැත එතුම බලේ කිසිදිනේ බිඳුනේ
හා හාලේලූයා වේවා ප්‍රශංසා
මා මුවෙනා මගේ හිමිටා
ආනන්දනීය වූ යේසුස් නාමයට
දෙම් ප්‍රශංසා දිවි තිබෙන තුරා
තේජසේ රන් කිරුල දැරූ
ප්‍රීතිය දේ ජය හඬ පැතුරූ
ප්‍රාතිහාර්යයන් පෑ අයුරු
මුළු ලොවම වඳී ඔබේ නමට ගරු
සගයේ අධිපති පියතුමෙනි
මටැති දේ මම ඔබට දෙමි
ත්‍රී එක දෙව් සරණය පතමි
ඔබ පූජනීය බව මම දනිමි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →