← Back to all songs
HYMN #B032

මා ගයමින් ප්‍රීති වෙමි

Maa Gayamin Preethi Vemi

මා ගයමින් ප්‍රීති වෙමි

යේසු සමිඳුට ස්තුති පුදමි

මගේ ජීවන කාලේ සදා

සමිඳුගේ පාමුලට පුදා //

සයුරකි මා දුක ලතවන මොහොතක

ඔරුවකි මට සමිඳුන් //

අඳුරු වෙලේ හිරු එතුමයි

ආලෝකය සමිඳුයි //

පාපයේ රෝගෙක ලතෙවෙන මොහොතක

වෙද මගතෙකි සමිඳුන් //

සාගතයෙන් වැටෙන වෙලේ

මන්නාවෙන් මා සනසයි //

තනිවන මොහොතක රැකවල් දෙන්නට

සමිඳුන් මා සමඟයි //

වාරු නොවී පය යද්දී

සමිඳුන් මා සුරකියි //

සමිඳුන් මා ලඟ වෙසෙනා මොහොතක

මට බය නැත කිසිදා //

රැකවරනේ සමිඳු අතේ

රුව මගේ පණ එතුමයි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →