← Back to all songs
HYMN

මා දිවි තිබෙන තුරා

Maa Dhivi Thibena Thuraa

නමස්කාරය · Worship

මා දිවි තිබෙන තුරා, ඔබ නමදින්නම්

මා පවතින තුරා, ඔබව සොයන්නම්

මා සිතේ ආශාව, ඔබ දැක ගන්නයි

දෙවිඳේ මගේ දෙවිඳේ - //

මගේ මුව කියයි, ඔබ සමිඳුන් කියා

මගේ දෑස් යොමයි, ඔබ දෙස බලන්නටා

මගේ හදවත නැගේ, ඔබ ප්‍රේමයයි කියා

දෙවිඳේ මගේ දෙවිඳේ - //

මා දිවි තිබෙන තුරා...

ඔබේ පා සොයා, මා දිව එන්නෙමි

මගේ දෙව් නිසා, ඔබ නමදින්නෙමි

ඔබ ළඟ නිසා, මා සැනසෙන්නෙමි

දෙවිඳේ මගේ දෙවිඳේ

මා දිවි තිබෙන තුරා

~ දෙවන පරිච්ඡෙදය වෙනස් ආකාරයකින් ~

ඔබේ පා සොයා, මා දිව එන්නෙමි

ඔබ මගෙ නිසා, ඔබ නමදින්නෙමි

ඔබ මා ළඟ නිසා, මා සැනසෙන්නෙමි

දෙවිඳේ මගේ දෙවිඳේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →