← Back to all songs
HYMN #B002

අහසේ මුදුනේ තරුවැල් ඇතේ

Ahasea Mudhunea Tharuval Athea

අහසේ මුදුනේ තරුවැල් ඇතේ

මුහුදේ පතුලේ මුතුපර ඇතේ

පොළවේ අතුලේ මැණික් ගල් ඇතේ

මේවා දකින්ටා දෙනෙතක් ඇතේ

උදයට හවසට හිරුගේ රැසේ

සඳුගෙන් රැයෙදී සිසිලක් ලැබේ

ජීවත්ව ඉන්ටා පොළවක් අනේ

දුන්නු දෙව්ටා බෝ තුති වේ

කුසගින්න නිමවන්ට අහරක් ලොවේ

පවසට බොන්නට ජලයත් ගඟේ

සිරුර වසන්ටා ඇඳුනුත් අනේ

දුන්නු දෙව්ටා බෝ තුති වේ

ලොකු පුංචි මාළු පීනා යෙතේ

කුරුළු කොබෙයියෝ ඉගිලී යෙතේ

ලස්සන ගස වැල්ද මල් වැල් අනේ

දුන්නු දෙව්ටා බෝ තුති වේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →