HYMN
මා බලවත් කරනා සමිඳේ ඔබ තුල මට කල හැකි සැම දේ
Maa Balavath Karanaa Saminndhea Oba Thula Mata Kala Haki Sama Dhea
මා බලවත් කරනා සමිඳේ
ඔබ තුල මට කල හැකි සැම දේ
දුබල මා සිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ //
දිවියේ පැණ පොදි හැරදා
නැගිටින්නට වෙරලන සඳ
කුරුසියෙ සෙවනැලි අතරේ
පා නගන්න දිරි දෙනු මැන
සමිඳේ සමිඳේ - //
මා බලවත් කරනා සමිඳේ...
හිරු බැස යන අවරගිරේ
ඔබෙ අතැඟිලි මත රැඳිලා
දිවියේ ජය පැරදුම් හා
දුකයි සැපයි දෙකම කියමි
සමිඳේ සමිඳේ - //
මා බලවත් කරනා සමිඳේ...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →